කැනඩාවේ ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

කැනඩාවේ ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ කොවිඩ් 19 මර්දනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට හා එන්නත්කරණයට එරෙහිව අගනුවර පැවති විරෝධතා උත්සන්න වීම හේතුවෙනුයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරෝධතා පොලිසීයේ පාලනයෙන් තොර වීම හමුවේ ඔටාවා හි නගරාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

කැනඩාවේ ඔටාවා අගනුවර මෙන්ම ටොරන්ටෝ ඇතුළු ප්‍රධාන නගර රැසක මෙම විරෝධතා ක්‍රියාත්මක වන අතර ට්‍රක් රථ රියැදුරන් ඇතුළු බොහෝ පිරිසක් සතියකට අධික කාලයක් අඛණ්ඩව එම විරෝධතාවලට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවෝ චෝදනා කරන්නේ කැනඩා බලධාරින් හඳුන්වා දි ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ තමන් දැඩි පිඩාවට පත්ව ඇති බවයි.

මේ වන විට කැනඩාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 83% කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන් බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

More from author

තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. මේ...

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම...

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ කාන්තාවන්ට හා කුඩා දරුවන්ට එරෙහි ලිංගික...

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතරුදන් වෙයි

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන් රුසියානු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...