ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් පත් කර තිබෙනවා. ඒ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිස ඉල්ලා අස්වීම හේතුවෙන්.

නව අධ්‍යක්ෂ මණ්ඩලයට මයික්‍රෝ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලෝරන්ස් පෙරේරා, ජනාධිපති නීතීඥ කුෂාන් ඩී අල්විස්, තන්ත්‍රී ට්‍රේලර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රි සහ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරු ජයමින් පැල්පොල යන මහත්වරු මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇතුළත් වෙනවා.

පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩලය ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය අතර හමුවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදුවුණා.

POPULAR

Recent articles