“ගාල්ලටත් වරාය නගරයක් ගේනවා” – රෝහිත අබේගුණවර්ධන

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතවද ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එම ඉදි කිරීම සිදුකරන බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.

එම වරාය සංවර්ධනය කිරීම පිළිබඳ සූම් තාක්ෂණය ඔස්සේ විදේශ ආයෝජකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ වරාය නගරය හා සමානව එය සංවර්ධනය කරන බවයි.

POPULAR

Recent articles