රාජ්‍ය සේවකයින් 300ක් දැනටමත් ගිහින්

රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය පවසන්නේ එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවට අනුයුක්ත පිරිස් එලෙස විදේශගතව ඇති බවයි.

මීට අමතරව රාජ්‍ය අනුබද්ධ ව්‍යවස්ථාපිත මණ්ඩලවල පිරිසක් ද විදේශ රැකියා සඳහා යොමුව තිබෙනවා.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව විදේශ රැකියා සඳහා යොමුවන පිරිසකට වසර 5ක වැටුප් රහිත නිවාඩු ලබා දෙන බවයි.

POPULAR

Recent articles