ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් දහස් ගණනක් නිවාසවලින් ඉවත් කර ඇති බවයි.
එමෙන්ම ගංවතුරට හසුව පුද්ගලයෙකු මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.
හදිසි සේවා අමාත්‍ය ස්ටෙෆනි කුක් ආපදා තත්ත්වය හමුවේ නිව් සවුත්වෙලස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණු ගංවතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකුට දිවි අහිමි වුණා.
ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කරන්නේ සිඩ්නි නුවර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350 ක පමණ වර්ෂාපතනයක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/07/8168.webp?resize=620%2C372&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/07/220703204211-australia-floods-070422-exlarge-169.jpg?resize=696%2C391&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/07/220702221413-03-sydney-australia-flooding-070222-restricted-exlarge-169.jpg?resize=696%2C391&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/07/220702221123-01-sydney-australia-flooding-070222-restricted-exlarge-169.jpg?resize=696%2C391&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/07/125738760_mediaitem125738759.jpg?resize=696%2C392&ssl=1)