“ඉන්ධන වෙනුවෙන් ණය ගැනීමට ඕමානය සමඟ කළ සාකච්ඡා අසාර්ථකයි” – ඩලස් අලහප්පෙරුම

ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් වූ ණය පහසුකමක් ලබා ගැනීමට ඕමානය සමඟ කළ බව කියන සාකච්ඡා අසාර්ථකවී තිබෙන බව මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ඩොලර් බිලියන 3.6 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වා ඇත්තේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුවයි.

එහෙත්, ඕමානය විසින් ඉදිරිපත් කර තිබූ කොන්දේසි වල දී යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වීම නිසා සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවයි අමාත්‍යවරයා කියන්නේ. ඒ හේතුවෙන් ඕමානයෙන් ඉන්ධන ණය ලබා ගැනීම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවයි ඔහු සඳහන් කළේ.

POPULAR

Recent articles