“යම් නිලධාරියකු අසාර්ථක නම් ඔහුව මාරු කළ යුතුයි” – මහින්ද අමරවීර

යම් නිලධාරියකු අසාර්ථක නම් ඔහුව එතැනින් මාරු කිරීම කළ යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඇමතිවරුන්ට වගකීම් ඉටුකළ හැක්කේ තමන්ගේ වේගයෙන්ම කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සිටියහොත් පමණක් බවයි ඔහු කියන්නේ.

එලෙසම නිලධාරියෙකු සාර්ථකව කටයුතු කරගෙන යන විට මාරුවීමක් ලබාදීම සුදුසු නැතැයි ද ඇමතිවරයා සඳහන් කරනවා. නමුත් ඇමතිවරුන්ට නිලධාරීන් හොඳ නැති නිසා වැඩකරන්න බැරි වුණා යැයි කිව නොහැකි නිසා නිලධාරීන් මාරු කර හෝ වගකීම හරියට ඉටු කළ යුතු අවස්ථා තිබෙන බවද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

තමන් යටතේ ඇති ආයතනවල ද නිලධාරීන් නිසි ලෙස රාජකාරී නොකරන්නේ නම් ඉදිරියේදී අවශ්‍ය සංශෝධන කරගැනීමට සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර කියනවා.

ඇමතිවරයා සොරකම්, වංචා නොකර පිරිසිඳුව වැඩ කළත් නිලධාරීන් එසේ වැඩ කරන්නේ නැතිනම් අවසානයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි බවයි අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

POPULAR

Recent articles