නඩු කඩිනමින් විභාග කිරීමට නව අධිකරණ දෙකක්

දිසා අධිකරණයේ නඩු කඩිනමින් විසදීම සඳහා තවත් අධිකරණ දෙකක් ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ කියා සිටිනවා.

ඒ අනුව රුපියල් මිලියන 500ට වැඩි ආයෝජන නඩු සඳහා වෙනම ආයෝජන අධිකරණයක් සහ රුපියල් මිලියන 02ට අඩු නඩු සඳහා සුලු හිමිකම් අධිකරණයක් ස්ථාපිත කරන බව ඔහු සඳහන් කරනවා.

එමෙන්ම පූර්ණ නඩු විභාග ක්‍රමය ලංකාවට හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

ඇතැම් නීති වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කරමින් ඇතැයි ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පෙන්වා දෙනවා.

POPULAR

Recent articles