සජබ කාර්යාලයේ සේවිකාවකට වෙඩි

කෑගල්ල – කළුගල්ල මාවතේ දී අද (01) වාර්තා වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කෑගල්ල, හබුදුගල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් වනවා.

පොලිසිය සඳහන් කරන්නේ මෙම කාන්තාව කළුගල්ල සමගි ජන බලවේගයේ (SJB) කාර්යාලයෙහි සේවිකාවක් බවයි.

ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාව පුරා වෙඩි තැබීමේ සිද්ධීන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වුණා.

POPULAR

Recent articles