තවත් බලාගාරයක් ඉන්ධන නැතිව නවතියි

අද (24) සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

මිට හේතුව සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බව එම සංගමය සඳහන් කර සිටිනවා.

A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.

කෙසේ වුවද දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පවසන්නේ තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි.

POPULAR

Recent articles