“ඔමික්‍රෝන් ප්‍රභේදය සෙල්ලමකට ගන්න නරකයි” – මහාචාර්ය චන්න ජයසුමන

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම තුළ ලබන මාසයේදී රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියනවා. ඔහු ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හමුවේ රට යළිත් ගිය වසරේ අගෝස්තු මාසයේ පැවති තත්ත්වයට පත්වීමේ ඉඩකඩක් පවතින බවයි.

“මේ රෝගීන් ප්‍රමාණය වැඩිවුණාම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු කිරීම වැඩිවුණාම නැවත වතාවක් යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ පෙබරවාරි පළමු සතිය, දෙවැනි සතිය වෙනකොට රට තුළ රෝගීන් ප්‍රමාණය එකතුවුණාම යි. දිනපතා මේ ප්‍රමාණයෙන් දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු වුණාම දිනකින් දෙකකින් ඔවුන් එතැනින් එළියට යන්නේ නෑ. සමහර වෙලාවට සතියක් දෙකක් ඇතුළේ රැදෙනවා. එහෙම වුණාම අපිට තියෙන්නේ සීමිත ඇදන් ප්‍රමාණයක් නිසා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ දැඩි සත්කාර ඒකක නැවත වතාවක් අගෝස්තු මාසයේ තත්ත්වයට එන්න පුළුවන්කමක් තියෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ අසාධ්‍ය වීම හා මියයෑමට තියෙන සම්භාවිතාව සාපේක්ෂව අඩු වුණාට රෝගීන් ප්‍රමාණය ඉක්මනින් පැතිර යෑම වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා මේක සෙල්ලමකට ගන්න නරකයි. දැන් මේ සියල්ලම හරි කොවිඩ් වසංගතයේ අන්තිම කොනට ඇවිත් තියෙන්නේ අපිට මේ බුස්ටර් එන්නතෙන් ඇති වැඩක් නෑ කියලා හිතුවොත්ම වුණොත් එහෙම ඉදිරි සති කිහිපය ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්” බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ.

POPULAR

Recent articles