බන්දුල ගුණවර්ධන පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී තිබෙනවා.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බවයි.

බෞද්ධාගමික ජනතාව පකිස්ථානයේ සංචාරය කිරිමේ වැඩපිළිවෙළ ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බව ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී පැවසූ බව වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

එමෙන්ම මෙහිදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගනුදෙනු තර කර ගැනීම සඳහා තමන් ඇතුළු ව්‍යපාරික ප්‍රජාවට ලබාදුන් පිළිගැනීම පිළිබඳ ස්තූතිවන්ත වන බවයි.

POPULAR

Recent articles