A5 MAG | කිරි තේ සහ හරි අපූරු සන්ධානයක් ! ! “Milk Tea Alliance”

ඒකාධිපති පාලකයන්ට එරෙහි වූ “කිරි තේ සන්ධානය‘‘ නොහොත් “Milk Tea Alliance”.

තම මාතෘභූමියේ ඒකාධිපති පාලකයන්ට එරෙහිව ආසියා මහද්වීපයේ රටවල් තුනක තරුණ ක්‍රියාකාරීන් සන්ධානයක් පිහිටුවා ගත්තා .
එවැනි සන්ධානයක් හැදූ ප්‍රථම ආසියාතිකයෝ වන්නේ මේ කිරි තේ සන්ධානයයි. එයද පාලකයන්ට එරෙහිවයි .

සන්ධානය පිහුටුවා ගැනුනේ හොංකොං, තායිලන්ත සහ තායිවාන් තරුණ ක්‍රියාකාරීන් අතරයි . ඔවුන් එකිනෙකාගේ භාෂාව, අරමුණ සහ පසුබිම වෙනස්. ඒත් ඉලක්කය එකාධිපති පාලකයන්.

මෙහි දී මුලිකත්වය ගත්තේ හොංකොං තරුණ ක්‍රියාකාරීන් 2019 සිට මේ දක්වා හොංකොං උද්ඝෝණයන්හි උපයෝගී කරගත් උපක්‍රම සහ රටාවන් . එය තායිවානයේ සහ තායිලන්ත තරුණ ක්‍රියාකාරීන් ආකර්ෂනය කිරීමට සමත් වෙනවා . හොංකොං තරුණ නායකයන්ගේ උපක්‍රම සහ රටාවන් මෙම ව්‍යාපාරයේ නායකයින් බොහෝ දෙනෙකු සිරගත කිරීමට සහ පෙලපාලි තහනම් කිරීමට පාලකයන් ගන්නා සෘජූ උත්සාහයන් යන දෙකින්ම බේරී සිටීමට උපකාරී වුනා. කෙසේ වුවත් සන්ධානයේ නම අරගලකාරී නෑ . එය ප්‍රසන්න බව, කථිකාව හා ආදරය පිලිබද යමි ඉගියක් ලබා දෙනවා . එහි නම“කිරි තේ සන්ධානයයි‘‘

මූලික පිටපත : උපාලි ජයසිංහ

#A5_mag
#A5_CHANNEL_SRI_LANKA
#A5_NEWS_SRI_LANKA

නිරන්තර පුවත් හා කාලීන තොරතුරු දැනගැනීම සඳහා එක්වන්න අප සමඟ පහත සබැඳි තුළින් …
YouTube : https://www.youtube.com/c/A5ChannelSr…
Facebook : https://www.facebook.com/A5News.lk

POPULAR

Recent articles