ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය

ආසියානු සංවර්ධන බැංකුව වෙතින ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහයක් ලෙස ඩොලර් බිලියන 2 ක මුදලක් අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

දැඩි අවදානමට ලක්වූ සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීමට මෙම ණය මුදල නිකුත් කළ බවයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරන්නේ.

POPULAR

Recent articles