නිදහස් මැතිවරණයට නිකවැරටියේ දී බාධා !

නිදහස් මැතිවරණයට නිකවැරටියේ දී බාධා !

නිකවැරටිය මහසෙන් විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය සහ ජයන්ති විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය අසල ප්‍රදේශයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ගුවනින් පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ සහයකයින් දෙදහසක පමණ පිරිසක් එම ස්ථානයේ එක් රැස් වී ඇති බවයි වාර්ථා වන්නේ.

ඔවුන් එම ස්ථානයේ ප්‍රීතිඝෝෂා නඟමින් අග්‍රාමාත්‍යවරයාව පිළිගෙන ඇති බව ද පැවසෙනවා.මැතිවරණයක් පැවැත්වෙන මොහොතක රටෙහි අග්‍රාමාත්‍යවරයාගෙන් මෙවන් වගකීම් විරහිත හැසිරීමක් බලාපොරොත්තු විය හැකි ද ?

මැතිවරණය අවසන් වීමටත් පෙර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ ඔහුගේ සහයකයන්ගේ මෙම ක්‍රියා කලාපය මැතිවරණ කොමිසම අනුමත කරනවා ද ?

#Gen_Elec_2020_A5_NEWS

POPULAR

Recent articles