රාජ සභා මණ්ඩපය ගැන බෝල පාස් කරනනගරාධිපති !

රාජ සභා මණ්ඩපය ගැන බෝල පාස් කරන
නගරාධිපති !

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය
යැයි පැවසෙන කුරුණෑගල පිහිටි ඓතිහාසික
වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල ගිණිගැනීමේ
අවධානමක තිබූ බව කුරුණෑගල නගරාධිපති
තුෂාර සංජීව පවසනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග
සංවර්ධනය සඳහා අවශ්‍ය බිම් ප්‍රමාණය ඉල්ලූ විට
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති කොටස් සළකුණු
කර එවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට
තමන්දැනුම් දුන්නද, ඒ් සම්බන්ධයෙන් කිසිඳු
නිර්දේශයක් නොලැබුණු බවත් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවවත් තමන්ගෙන් කිසිඳු විමසීමක්
සිදු නොකළ බවයි ඔහු පවසන්නේ.
ඒමෙන්ම අදාල ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව
වර්ෂාව විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා විසින් පත්
කළ බුවනෙකබා ගොඩනැගිල්ල විනාශ කිරීම
පිළිබඳ පංච පුද්ගල කමිටුවේ අන්තර්කාලීන
වාර්තාවේ විනාශ කිරීමක් ගැන සඳහන් වූවද එය
තමන් පිළි නොගන්නා බවද ඔහු පවසනවා.

හිරු නාලිකාවේ “හාඩ් ටෝක්” වැඩසටහනට
එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles