බොලිවුඩයේ සුපිරි තරුවලටත් කොරෝනා

බොලිවුඩයේ සුපිරි තරුවලටත් කොරෝනා

ඉන්දියාවේ කොරෝනා අර්බුධය තීව්‍ර කරමින්
කොරෝනා වසංගතය බොලිවුඩය තෙක් විකාශනය
වී ඇති බව අද වාර්තා වුණා.

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කෝවිඩ් 19 වෛරසය
ආසාධනය වී ඇති බව ඊයේ දිනයේ දී තහවුරු වුණා. ඒ අනුව ඔහු
නැනාවතී රොහලට ඇතුළත් කර ඇති අතර, ඊයේ ට්විටර් පණිවුඩයක්
නිකුත් කරමින් ඔහු මේ බව ජනතාවට දන්වා සිටියා. 77 හැවිරිදි වියේ
පසුවන අමිතා බච්චන්ට වෛරසය තදින් බලපා නොමැති බව සහ
ඔහුගේ මූලික වාර්තා සතුටුදායක මට්ටමේ පවතින බවයි ඉන්දීය
මාධ්‍ය පවසන්නේ.

අමිතාබ් බච්චන්ගේ ට්විටර් පණිවුඩය නිකුත් වූ සුළු මොහොතකින්
තවත් ටවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුගේ පුත් අභිෂේක් භච්චන් පවසා සිටියේ තමාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහුව ද රොහල්ගත කර ඇති අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ කාර්‍ය මණ්ඩලවල සේවකයින් පරීක්ෂන සඳහා යොමු කර ඇති බව ඔහුගේ ට්විටර් පණිවුඩයෙහි දැක්වුණා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles