තාප්පය කිලිටි කළ “සෙන්දිල්ගේ” පෝස්ටර්

තාප්පය කිලිටි කළ “සෙන්දිල්ගේ” පෝස්ටර්

සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිසා දෙස්විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක් වන ලිප්ටන්ෂීට් දඹේතැන්න තේ කම්හල සහ ඒ අවට ප්‍රදේශයේ සුන්දරත්වයට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග වදින සෙන්දිල් තොණ්ඩමන් මහතා ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලිප්ටන්ෂීට් දඹේතැන්න තේ කම්හල අවට තාප්පවල ඔහුගේ මැතිවරණ අංකය සහ ලකුණ සිතුවම් කර තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ සුන්දරත්වයට දැඩි හානියක් සිදුව ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ. මැතිවරණ නීතිය යටතේ තාප්පවල පෝස්ටර් ඇලවීම සහ මැතිවරණ සළකුණු සිතුවම් කිරීම තහනම් කර ඇති පසුබිමක සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙසේ කටයුතු කර තිබීම විශේෂත්වයක්. මෙවැනි පෝස්ටර්, කටවුට්, සිතුවම් ඉවත් කිරීමේ බලය පොලීසිය වෙත පවරා ඇති බැවින් ඔවුන් මේවා ඉවත් කරන තුරු අපි අවධානයෙන් බලා සිටිමු.

තවද පසුගිය කාලය පුරාම රැල්ලක් මෙන් මෙරට තරුණ තරුණියන් වීදි දෙපස තාප්පවල සිතුවම් අදිමින් සුන්දර රටක් නිර්මාණය කිරීමේ වෑයමක් ගෙන ගියා. එවන් තත්වයක් තුළ ඔවුන් සුන්දර කළ රට මෙසේ නැවත විනාශ කිරීමට දේශපාලකයින්ට ඉඩ ලබාදීම සාධාරණ ද ? ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේවි ද ?

POPULAR

Recent articles