අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පවසනවා.

ඔහු සඳහන් කරන්නේ රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිල විචලනය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම හේතුවෙන් භාණ්ඩවලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවූ බවත් ඒ අනුව ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles