2011 ක්‍රිකට් ලෝක කුසලානය මොකද වුණේ ?

2011 ක්‍රිකට් ලෝක කුසලානය මොකද වුණේ ?
ලංකාව පරාජය වුණා.
වසර ගණනකට පසුව එය හදිසියේම නැවත කතාබහට ලක් වුණේ
එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ
සිදුකළ ප්‍රකාශය සමඟයි.
ඒ පිළිබඳව කාගේත් අවධානය යොමු වුණා.
ඒ අනුව විමර්ශම කටයුතු ආරම්භ වුණා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ඒ චෝදනාව සම්බන්දයෙන්
ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක
කල ඒ පරීක්ෂණය අද අවසන් කළ බවයි එම ඒකක ප්‍රධානී ජ්‍යේෂ්ඨ
පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා සඳහන් කළේ.
ඒ මහින්දානන්ද අලුගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ
කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නැති බව පවසමින්.
එම විමර්ශන සම්බන්ධයෙන් වූ වාර්ථාව වැඩබලන පොලිස්පති සීඩී
වික්‍රමරත්න මහතාට අද භාර දී තිබෙනවා.

මේ පිළිබඳ සමාජය ආන්දෝලනාත්මක වන විට එවකට සිටි ක්‍රීඩකයෝ
තම අදහස් පළ කිරීම ආරම්භ වුණා.

එවකට සිටි තේරීම් කමිටු සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද
සිල්වා මහතාද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ පොලිස්
විශේෂ විමර්ෂන ඒකකයට කැඳවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන්ද කැඳවනු
ලැබුවා
දේශපාලන මාධ්‍ය සාකච්ඡාවල මේ පිළිබඳ කථා කිරීම ආරම්භ වීමත්
සමඟ මෙහිදී ක්‍රීඩකයෝ වෙනුවෙන් කථා කිරීමට බොහෝ අය ඉදිරිපත්
වී තිබීම දක්නට ලැබුනා.

මේ අතර මෑතක සිට යම්කිසි සිදුවීමක් සිදු වූ විට ට්විටර් පණිවුඩ
නිකුත් කරන නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාගේ ට්විටර්
පණිවුඩය එන තෙක් බොහෝ දෙනෙකුගේ අවධානය යෙුමව තිබුණා.
ඒලෙස අපේක්ෂාවෙන් සිටි ට්විටර් පණිවුඩය නිකුත් කරමින් නාමල්
රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙවැන්නක්.
"විශේෂ මූල්‍ය විමර්ෂන ඒකකය 2016 වසරේ යහපාලන රජය විසින්
එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නායක
ඇන්ජලෝ මැතිව්ස් ප්‍රශ්න කිරීමකට ලක් කෙරුණා.ක්‍රීඩකයන්
ප්‍රශ්න කිරීම පිළිබඳ මම එදත් විරුද්ධයි.අදත් විරුද්ධයි.මෙවැනි ගැටළු
විසඳීම සඳහා බලධාරීන් පත්කොට සිටිනවා."

මේ අතර අද, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල
ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ෂන ඒකකයට පැමිණි
අතර ඔහුට දන්වා ඇත්තේ අද නොව, වෙනත් දිනයක පැමිණෙන
ලෙසයි.

POPULAR

Recent articles