වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

ඒ මෙතෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්න ජයමාන්න එම තනතුරෙන් ඉවත් කරමින්. වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ආචාර්ය සරත් ඔබේසේකර යි.

ඔහු කලෙක වෝකර්ස් කලම්බු නැව් තටාකාංගනය (Walkers Colombo Shipyard Limited) හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයෙක්.

POPULAR

Recent articles