”වත්කම් ප්‍රකාශ කරන්න” – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අපේක්ෂකයින්ට කියයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) විසින් සියළුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් පවසා සිටින්නේ අපේක්ෂකයන් තම වත්කම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසයි. එමෙන්ම ඒ වෙතින් විනිවිදභාවය සඳහා පුද්ගලික කැපවීම ප්‍රදර්ශනය කරන ලෙස ඔවුන් සඳහන් කරනවා.

මේ වන විට දූෂිත නායකයින් තවදුරටත් නොඉවසන බවට ශ්‍රී ලාංකිකයන් පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති බවයි TISL පවසන්නේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන වත්මන් අපේක්ෂකයින් ඔවුන් කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීමට නව පියවර ගත යුතුව තිබෙන බව ඔවුන් කියනවා.

“පිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසියන්ගේ ඉල්ලීමට අවනත වන්න, රටට අවශ්‍ය වෙනස වන්න” යි ඔවුන් පවසනවා.

POPULAR

Recent articles