ඒම්.සී.සී ගිවිසුම ගැන රටට හෙළිකරන්න -පක්ෂ රැසක් ජනපතිගෙන් ඉල්ලයි.

ඒම්.සී.සී ගිවිසුම ගැන රටට හෙළිකරන්න – පක්ෂ රැසක් ජනපතිගෙන් ඉල්ලයි.

පසුගිය යහපාලන රජයට පෙරසිටි මහින්ද
රාජපක්ෂ ආණ්ඩුවද MCC ගිවිසුම මෙරටට ගෙන
ඒමට ඕනෑකමින් කටයුතු කළ බව නීතීඤ හර්ෂද
සිල්වා මහතා පවසනවා . එම ගිවිසුම
සම්බන්ධයෙන් රජය තවමත් ඔවුන්ගේ ස්ථාවරය
රටට හෙළිකර නැති බවයි ඒ මහතා වැඩිදුරටත්
සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ පැවති MCC ගිවිසුම් සාකච්ඡා හා
2018 යහපාලන ආණ්ඩුව සමඟ පැවති MCC සාකච්ඡා අතර හාත්පසින්ම වෙනස්කම් පවතින බව හිටපු මහ බැංකු අධිපති අජිත්
නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ අනුව යහපාලන ආණ්ඩු සමයේ
එම ගිවිසුමට ඇතුළත් කරන ලද අයහපත් යෝජනා ඉවත් කර ගිවිසුමට එළඹීම පිළිබඳ නැවත සළකා බැලිය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ
පැනයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමා ඒ
වන තෙක් MCC ගිවිසුම පිළිබඳ අධ්‍යනයක් සිදුකර නැති බවයි.

POPULAR

Recent articles