තව සති හයකින් රනිල්ගේම අයවැයක්

සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. වසර දෙකක සහන වැඩසටනහක් වෙනුවෙන් යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඉදිරියේදී තවදුරටත් උද්ධමනය ඉහළ යනු ඇති බවත් වීදිවල විරෝධතා තවදුරටත් වර්ධනය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණා.

“ඉදිරි දුෂ්කර දින දෙස බලන විට විරෝධතා ඇතිවිය හැකියි. මිනිසුන් දුක් විඳින විට එය ස්වාභාවිකයි, ඔවුන් විරෝධතා දැක්විය යුතුයි.

නමුත් එය දේශපාලන ක්‍රමය අස්ථාවර නොවන බවට සහතික වීමට අපට අවශ්‍යයි” යැයි අග්‍රාමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles