ජනතා ප්‍රහාරවලට බියෙන් පාර්ලිමේන්තු බස් බෝඩ් නැතිව ධාවනයේ

ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින ජනතාවගේ පහරදීමකට ලක්වීමේ අවදානමක් තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල නාම පුවරු ඉවත්කර ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඒ අනුව ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන පුවරුව ඉවත් කර සාමාන්‍ය පරිදි එම බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

POPULAR

Recent articles