කාබනික පොහොර භාවිතයෙන් වී කිලෝ ලක්ෂ 300ක් අහිමි වෙයි

මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද අක්කර හැට දහසකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයකින් ලක්ෂ තුන්සියයකට ආසන්න වී කිලෝ ප්‍රමාණයක් අහිමි වී ඇති බව මහවැලි බී කලාපීය ගොවි ව්‍යාපාර කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් සරත් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව වී කිලෝවකට සමස්ථයක් ලෙස රුපියල් 90 ක මුදලක් හිමි වුවහොත් වී කිලෝ ලක්ෂ 300 ට මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000 ට මෙවර මහ කන්නයේ වී වගාවෙන් පාඩුවන මුදල රුපියල් ලක්ෂ 2700 ක් පමණ වන බව ද සරත් රාජපක්ෂ මහතා සඳහන් කළා.

රසායනික පොහොර භාවිතයෙන් මීට පෙර කන්වලදී ගොවියෙකු අක්කර දෙකහමාරක කුඹුරකින් වි කිලෝ 6000,7000 යන ප්‍රමාණයන් ලබා ගත්ත ද මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද ගොවියෙකුට එම කුඹුරකින් ලබාගැනීමට සිදුව ඇත්තේ වී කිලෝ 2000 කට අඩු ප්‍රමාණයක් බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.අරලගංවිල විජයබාපුර කොට්ටාශයේ අද (28දා) ගොවි නියෝජිතයන් සමඟ පැවති සාකච්චාවකදී රාජපක්ෂ මහතා ඒ බව අනාවරණය කර සිටිනවා.

මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශවලින් මෙවර මහ කන්නයේ මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000 ට ආසන්න පිරිසක් අක්කර 62,500ක් පමණ වී වගා කර තිබෙන අතර ඔවුන් මෙවර කාබනික පොහොර භාවිතයෙන් වි වගා කිරීමෙන් එක් ගොවියකු මුදලින් රුපියල් තුන්ලක්ෂ හැටදාහක මුදලක් පාඩුවක් දැරීමට සිදුව ඇති බවත්, කාබනික පොහොර භාවිතය නිසා මහවැලි බී කලාපයේ ගොවියෙකුට අක්කර දෙකහමාරකින් වී කිලෝ හාරදාහක ප්‍රමාණයක් අහිමි වී ඇති බවද රාජපක්ෂ මහතා පවසනවා.

POPULAR

Recent articles