“ෂොපින් බෑග් තහනම් කරනවා” – පරිසර ඇමති

ඉදිරියේදී ෂොපින් බෑග් තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ෂැෂේ පැකට් හා නොදිරන ලන්ච්ෂීට් තහනම සාර්ථක වී ඇති බව මහින්ද අමරවීර කියා සිටිනවා.

මෙරට ජනතාව වසරකට රුපියල් කෝටි අනූහයක ෂැෂේ පැකට් භාවිත කළ බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

පොලිතින් වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් මිලියන 15 ක් එක්දිනක් තුළ පරිසරයට බැහැර කළා. එය වසරකට ලන්ච්ෂීට් මිලියන 5475ක්.

මේ දෙකම තහනම් කිරීමේ සාර්ථකත්වය මත ෂොපිං බෑග් තහනමත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව මහින්ද අමරවිර කියා සිටිනවා.

විකල්ප පැවතියත් නැතත් එය ක්‍රියාත්මක කරන බව පවසන අමාත්‍යවරයා වසරකට ෂොපිං බෑග් කෝටි දෙකක් පරිසරයට එක්වන බවද සදහන් කරනවා.

POPULAR

Recent articles