හිරුනිකාට නොතීසි ! ජීවන් තොණ්ඩමන් මහලේකම් ධූරයට !!

හිරුනිකාට නොතීසි ! ජීවන් තොණ්ඩමන් මහලේකම් ධූරයට !!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජූලි මස දස වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කොට තිබෙනවා. ඒ දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගිය බවට පවරා ඇති නඩුව සම්බන්ධයෙනුයි.

අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. එම නිසා විත්තිකාරියට ජූලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරිය සිතාසි නිකුත් කර තිබෙනවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ අදහස් පළ කර සිටියා,

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්වරයා ලෙස අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් පත් කර තිබෙනවා. කොටගල පක්ෂ කාර්‍යාලයේ අද පැවති නියෝජිත හමුවක දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ දක්වා එම පක්ෂයේ මහලේකම් ධූරය හෙබවූ අනූෂා සිවරාජ් නව නියෝජ්‍ය නායකයා ලෙස පත්කර ඇති අතර ආරුමුගම් තොණ්ඩමන්ගෙන් හිස් වූ පක්ෂ නායක ධූරයට තවම කිසිවෙකුත් පත්කර නැහැ.

POPULAR

Recent articles