වී අයි පී අවමගුල් !

වී අයි පී අවමගුල් !

අභාවප්‍රාප්ත වූ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී නෝර්වුඩ්හි පිහිටි සෞම්‍යමූර්ති තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ දී සිදුවුණා. ඒ අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරු ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්. තොණ්ඩමන් මහතා පසුගිය 26 වන දා මරණයට පත්වූ අතර එවක් පටන් ඊයේ දිනය වන තුරු දින පහක් පුරා ඔහුගේ දේහයේ රට පුරා පිහිටි ස්ථාන කිහිපයකටම ගෙන ගියේ රටේ පවතින වාතාවරණය ගැන පවා සැලකිල්ලක් නොදක්වමින්.

කෙසේවෙතත් ඊයේ පැවති අවමංගල උත්සවයේ ස්තූති කතාව පවත්වමින් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් පවසා සිටියේ කොරෝනා වසංගතය නිසා තම පියාට විශිෂ්ට සමුදීමක් ලබාදීමට නොහැකි වූ බවයි. මේ ආකාරයෙන් පියාට අවසන් ගෞරව දැක්වීමට සිදුවීම තමාට කණගාටුවක් බවත්, තම පියා වුවත් මේ ආකාරයෙන් සමුගැනීමට කැමති නොවන බවත් ඔහු පවසා ඇති අතර රටේ ආරක්ෂාවට වඩා වැදගත් බැවින් මේ ආකාරයේ අවමගුල් උත්සවයක් පැවැත්වූ බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. එසේම කොරෝනා අවධානම පහ වූ වහාම මීට වඩා විශිෂ්ට ලෙස මෙම අවමගුල සමරන බව ද ඔහු එහිදී පවසා තිබෙනවා.

කෙසේවෙතත් මෙහි දී රටේ ජනතාවට ඇතිවන ගැටළුව වන්නේ රාජ්‍ය ගෞරව ද සහිතව දින පහක් පුරා දිවටින පුරා ස්ථාන කිහිපයක දීම මෙම අවමගුල සැමරුවාට පසුවත්, මීට වඩා ඔහුට ලබා දීමට ඇති අවසන් ගෞරවය කුමක් ද යන්නයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles