ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වෙයි

ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පීඩා විදි ඇය ඊයේ (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි.

1948 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ උපන් ඔලිවියා නිව්ටන් ජෝන් මියයන විට 73 වන වියේ පසුවුණා.

ජෝන් ට්‍රැවොල්ටා සමඟ ඔලිවියා නිව්ටන් රංගනයෙන් දායක වූ Grease නම් චිත්‍රපටය හරහා ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වී සිටියා.

POPULAR

Recent articles