ආර්ථික අර්බුදය ගැන මහ බැංකු අධිපති හෙළිකළ තිත්ත ඇත්ත

ඉකුත් අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකළහොත් යළිත් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වන බවයි.

2019 වසරේදී කළ බදු කප්පාදුව සහ ණය ගෙවීම සඳහා විශාල වශයෙන් මුදල් අච්චුගැසීම වර්ථමාන ආර්ථික අර්බුදයට හේතුවූ බවයි මහ බැංකු අධිපතිවරයා කියා ඇත්තේ. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම නිවේදනය කිරීමටත් පෙර සිටම රජය සහ මහ බැංකුව ණය නැවත ගෙවීම් පැහැරහැර තිබූ බව ඔහු සඳහන් කරනවා.

එහෙත් මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව බංකොලොත් දැයි ප්‍රකාශ කළ පුද්ගලයන් කර තිබෙන්නේ නීති විරෝධී වැඩක් බවයි. පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර වෙනත් අයට භාර දී ඇතත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවයි ඔහු පවසා තිබුණේ.

POPULAR

Recent articles