රජයෙන් විශේෂ නිවාඩුවක් ප්‍රකාශ කරයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එදින ජාතික ශෝක දිනයක් ලෙස මේ වන විටත් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි.

POPULAR

Recent articles