ලොව පුරා මන්කිපොක්ස් ආසාදිතයින් 18,000 ක්

ලොව සමස්ත මන්කිපොක්ස් ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රටවල් 78 කට මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා.

කෙසේ වුවද ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කළ මන්කිපොක්ස් වසංගතය පාලනය කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබෙනවා.

POPULAR

Recent articles