කෝවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 දක්වා ඉහළට

කෝවිඩ් අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 දක්වා ඉහළට

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන (1136) එක්දහස් එකසිය තිස් හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

ආයතනිකව හා පෞද්ගලිකව ලැබුනු පරිත්‍යාගයන් ලෙස, මෙසේ රුපියල් මිලියන 1136 ක මුදලක් ලැබී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය මගින් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කැනොවින් හොටෙල් ඇන්ඩ් ස්පාස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇති අතර ඊට අදාළ චෙක්පත, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා.

මීට අමතරව මැස්කන්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියනයක්ද, බිල්ට් ඉලෙමන්ට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන තුනක්ද, එක්සිම් හවුස් ඩිස්ට්‍රිබියුටර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් දෙලක්ෂ පනස්දහසක්ද, එක්සිම් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තවත් රුපියල් දෙලක්ෂ පනස්දහසක්ද වශයෙන් එම අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා .

තවද ටවර් හෝල් රඟහල පදනමේ කාර්‍ය මණ්ඩලය රුපියල් අනූදහස් හයසිය තිස් හතයි, ශත හැට නමයක්ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්‍ය මණ්ඩලය රුපියල් මිලියන තුනක්ද, සිරිල් සමරජීව මහතා රුපියල් දෙලක්ෂ පනස්දහසක්ද, ජේ.පී.දයානන්ද සිල්වා මහතා රුපියල් ලක්ෂයක්ද, ලෙස පරිත්‍යාග කර ඇති බව එම නිවේදනයේ සඳහන් .

මෙලෙස දෙස් විදෙස් හි පරිත්‍යාගශීලීන් එම ගිණුමට දායක වී ඇති අතර නීත්‍යානුකූල ගිණුම් මගින් කොරෝනා පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබෙනවා .

POPULAR

Recent articles