පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකියි – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඤ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් , තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙත දන්වා තිබෙනවා .

ඔහු මේ බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් මගින් දන්වා ඇති බවයි නීතීඤ රොමේෂ්ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා සිටියේ.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් සුව වීමේ ප්‍රතිශතය ඉහළ යමින් මරණ අනුපාතය පහළ ගොස් ඇති බැවින් මෙරට කොරෝනා වයිරසය මර්දනය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තම ලිපියෙහි දක්වා ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය ක්‍රියා කළ බවත්, සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවත් අදාළ ලිපියෙහි සඳහන් කර තිබෙනවා .

තවද, කොරෝනා වයිරසයට තවමත් එන්නතක් සොයාගෙන නැති බැවින් එය යළි පැතිර යාමේ අවදානමක් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එම ලිපියේ සඳහන් කර ඇති බවද නීතීඤ රොමේෂ්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා තම අදහස් පල කළා.

POPULAR

Recent articles