සමගිය බලය වේ !

සමගිය බලය වේ !

කෝවිඩ් 19 අර්බුධ තත්වය මධ්‍යයේ ගොවීන්ගේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළද ගැටළුකාරී තත්වයකට පත්ව තිබෙන බව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. එවන් පසුබිමක් මධ්‍යයේ පොහොර සහනාධාරය ඉතා විධිමත්ව සහ සාර්ථකව ගොවීන් වෙත බෙදාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපට වාර්තා වුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියළුම ගොවිසන සේවා බල ප්‍රදේශයට අයත් මහලන්ද වසමේ, උස්සැල්ල දිරිය ගොවි සංවිධානය මඟින් මෙම වැඩපිළිවෙළ සංවිධානය කොට තිබෙනවා. මෙහිදී ඔවුන් උස්සැල්ල ප්‍රදේශයේ සිට දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගොස් පොහොර ගෙනැවිත් ගමන් ගාස්තුව පමණක් අයකරමින් නිසි ක්‍රමවේදයක් යටතේ ගොවීන් වෙත පොහොර බෙදා දීම සිදුකරනවා. උස්සැල්ල දිරිය ගොවි සමිතියේ සභාපති කේ.කේ. චන්ද්‍රපාල මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කොට ඇති අතර මෙම වසංගත තත්වය මධ්‍යයේ ආරක්ෂිතව සහ රස්තියාදුවකින් තොරව පොහොර සහනාධාරය ලබාගැනීමට මෙම වැඩපිළිවෙළ ඉතා යෝග්‍ය බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ.

කෙසේවෙතත් මෙම පොහොර තොග ගෙන ඒම සඳහා තමන්ට මොණරාගල දිස්ත්‍රික්කය හරහා කිලෝමීටර් 60 කට වැඩි දුරක් ගමන් කිරීමට සිදුව ඇති අතර තම ප්‍රදේශයට පාරක් ලබාදුනහොත් එම දුර කිලෝමීටර් 20 කට අඩුකරගත හැකි බවයි උස්සැල්ල ගොවිජන සංවිධානයේ සභාපතිවරයා පවසන්නේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles