“පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් අඩාල වෙනවා” – ගැමුණු විජේරත්න

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (15) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් පමණ අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අද (15) දිනයේ 20% ක් පමණ බස් රථ ධාවනය කළද සිකුරාදා දිනය වන විට ඉන්ධන නොලැබුණ හොත් බස් රථ ධාවනය සම්පූරණයෙන්ම අඩාල වන බවයි.

මෙම සතිය තුළ පැමිණෙන ඉන්ධන රැගත් නෞකාවෙන් ලැබෙන ඉන්ධන ප්‍රමුඛතාව මත ලබාදුන හොත් ලබන සතියේ සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමේ හැකියාව පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles