වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා වැටලීම්

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල මෙලෙස වැටලීම් සිදුකර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ එහිදී සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

POPULAR

Recent articles