දුම්රිය රියැදුරන්ට රාජකාරියට එන්න ඉන්දන නෑ

දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා පැමිණීමට තම වාහන වලට අවශ්‍ය ඉන්ධන හිඟ බවයි කියන්නේ. ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට (25) සිට දුම්රිය ගමන්වාර අවලංගුවීමට ඉඩ ඇතැයි දුම්රිය ලොක‍ොමෝටිවු ඔපරේටින් ඉන්ජිනිරියන් රියැදුරු සංගමයේ සභාපති නීතිඥ කේ. ඒ. යු. කොන්තසිංහ කියනවා.

අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සහ රාජකාරීන්ට සිය රාජකාරී අවශ්‍යතාවය මත ඉන්ධන ලබා ගැනීමේ දී ප්‍රමුඛතාව දෙන නිසා තමන්ටත් එම සහනය ලබා දෙන්නයි සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව පැවසෙනවා. එහෙත් ඒ සම්බන්ධව මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුන් බවයි සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

POPULAR

Recent articles