“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වෙනවා” – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු පවසන්නේ බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි.

බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමේදී පොම්පකරුවන් පගාව ඉල්ලා සිටින බව සභාපතිවරයා චෝදනා කර තිබෙනවා.

පොලීසිය සහ හමුදාව බලා සිටියදී ඔවුන් මෙලෙස කප්පම් ඉල්ලා සිටින බවත් නුගේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමේ දී තමන්ගෙන්ද ද රුපියල් දහසක මුදලක් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කරනවා. ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව ඔහු පෙන්වා දෙනවා.

මගී බස් රථ සඳහා ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුන්නොත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව සභාපති ගැමුණු විජේරත්න කියනවා.

POPULAR

Recent articles