ජාත්‍යන්තර අරමුදල් ලැබෙන හැටි රෝහිතට හඳුන්නෙත්ති කියාදෙයි !

ජාත්‍යන්තර අරමුදල් ලැබෙන හැටි රෝහිතට හඳුන්නෙත්ති කියාදෙයි !

ඊයේ දිනයේ ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයක් අතරතුරදී බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. දේශපාලන සංවාදයකට වඩා හාස්‍යෝත්පාදන වැඩසටහනකට ගැළපෙන එම ප්‍රකාශය මඟින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ විදේශ රටවලින් ලබාදෙනවායැයි පොරොන්දු වූ ආධාර මුදල් රැගත් කිසිදු නැවක් තවමත් ලංකාවට පැමිණ නොමැති නිසා බලාපොරොත්තු වන තරම් ඉක්මනින් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමට නොහැකි බවයි.

මේ අනුව අපට පෙනීයන්නේ රටේ වගකිවයුතු තනතුරක් දරන රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සිතා සිටින්නේ මීට වසර සිය ගණනකට එපිටදී සිදු වූ අයුරින් තවමත් විදේශ ‍රටවලින් හෝ ලෝක බැංකුවෙන් ලබාදෙන ආධාර මුදල් නැව් මඟින් රටවල් අතර ප්‍රවාහනය කෙරනවා කියාය. මෙම දේශපාලන සංවාදයට සහභාගීව සිටි සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්, එම ආධාර මුදල් මෙරටට ලැබෙන අයුරු පැහැදිලි කර දුන්නේ මේ අයුරිනි.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකරන්නේ ඔහුගේ නොදැනුවත්කම මතනම්, පාසල් සිසුවෙකුට තරම්වත් දැනුමක් නැති එවැනි පුද්ගලයෙකු මෙරට වගකිවයුතු අමාත්‍ය ධූරයක් දැරීම කෙතරම් සුදුසුදැයි විමසා බැලිය යුතුව ඇත. ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර මුදල් නැව්වලින් ගෙනෙනවා යැයි සිතා සිටින පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍ය ධූරයකට පත්කළ පාලකයන් සේම මෙවැනි නූගත් පුද්ගලයින් වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතාව ද තමන් සිදුකළ වරදේ බරපතළ කම නැවත වතාවක් කල්පනා කර බැලිය යුතුව ඇත.

අනෙක් අතින් රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකරන්නේ සිතාමතාමනම් අපට පෙනීයන්නේ ඔහු චේතාන්විතව මෙරට සාමාන්‍ය ජනතාව රැවටීමට උත්සහ දරණ බවයි. සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා ඒ මොහොතේ මැදිහත් වී ආධාර මුදල් ලැබෙන ආකාරය පිළිබඳ සැබෑ තත්වය පෙන්වා නොදුන්නානම්, ආර්ථික විද්‍යාව හෝ විදේශ කටයුතු පිළිබඳ දැනුමක් නොමැති මෙරට සාමාන්‍ය ජනයා රෝහිත අබේගුණවර්ධන මහතාගේ එම ව්‍යාජ ප්‍රකාශයට රැවටී එය පිළිගනු ඇත. ඉතිහාසය පුරාම රෝහිත අබේගුණවර්ධන මහතා වැනි පුද්ගලයින් සිදුකර ඇත්තේ මේ ආකාරයෙන් තමාට වාසි වන ලෙස ව්‍යාජ පුවත් මවා පා මෙරට අසරණ සාමාන්‍ය ජනතාව රැවටීමට ලක්කිරීමයි. ඒ පිළිබඳව සාක්ෂි සාධක මෙරට දේශපාලන ඉතිහාසයේ ඕනෑතරම් දැකගත හැකිව ඇත.

අනෙක් අතින් තමා ඡන්දය දී පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙරට ජනතාව මෙම සිද්ධියෙන්වත් ආදර්ශයක් ලබාගත යුතුය. මෙරට බහුතර ජනතාවගේ මනාපය හිමිවන්නේ රෝහිත අබේගුණවර්ධන වැනි නූගත් පුද්ගලයින්ට මිස, සුනිල් හඳුන්නෙත්ති වැනි දැනුමක්, අවබෝධයක් ඇති පුද්ගලයන්ට නොවේ. රෝහිත අබේගුණවර්ධන මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරද්දී සුනිල් හඳුන්නෙත්ති මහතා දරන්නේ හුදු මන්ත්‍රීධූරයක් පමණය. රටක අනාගතය තීරණය කෙරෙන තීන්දු තීරණ ලබාගැනීමේ බලය ලබාදෙන්නේ කුමන ආකාරයේ පුද්ගලයින්ගේ අතටද යන්න ඔබ නැවත සිතා බැලීමේ කාලය එලඹෙමින් තිබේ. ඉදිරි මැතිවරණයේදී ද ඔබේ මනාපය හිමිවන්නේ රෝහිත අබේගුණවර්ධන වැනි පුද්ගලයින්ට නම් මේ රටේ අනාගතය පිළිබඳව ඔබ දකින සිහින, සිහිනම පමණක් වනු ඇත.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles