‘අපි ස්වාධීන වෙනවා’ ලන්සා කියයි

හෙට (05) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී තමන් ඇතුළු 50 දෙනෙක් ආණ්ඩුව පාර්ශවයෙන් ඉවත්වී  ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. ඉන් පසුව ආණ්ඩු පක්ෂයට මෙතෙක් හිමිව තිබෙන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කරන බවයි ඔහු කියන්නේ.

“ඉතාමත් පැහැදිලිව කියන්නේ හෙට පාර්ලිමේන්තුව තුළ 50කට අධික පිරිසක් ස්වාධීන වෙනවා. අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා ආණ්ඩුවට අයින් වෙන්න කියලා. අපි කියන්නේ විපක්ෂයේ ඕන කෙනෙක් ට ආරාධනා කරලා ආණ්ඩුව කරගෙන යන්න සහාය දෙන්න කියලා. ඉතා පැහැදිලිව කියන්නේ අද දවස තුළ ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම්, හෙට පාර්ලිමේන්තුවේ අපි 50කට අධික සියලු පක්ෂ එකතු වෙලා පොහොට්ටුවෙන් අයින් වෙලා අපි ස්වාධීන වෙනවා. එතකොට ආණ්ඩුවට 113 නැතුව ගියාම ආණ්ඩුව කොහොමත් විසුරුවා හරින්න වෙනවා. එතකොට ඕන කෙනෙක්ට ජනාධිපතිතුමාට පුළුවන් ආරාධනා කරන්න ආණ්ඩුවක් අරගෙන මේක කරගෙන යන්න කියලා” යි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියන්නේ.

POPULAR

Recent articles