ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග ගැන සලකා බලන්න !

පවතින තත්ත්වය හමුවේ ගැටළු රැසකට මුහුණ දී තිබෙන ශිෂ්‍යත්ව දරුවන්ට හා උසස් පෙළ දරුවන්ට අගෝස්තු මස පැවැත්වීමට නියමිත ඇති විභාග පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

ශිෂ්‍යත්වය සඳහා මුහුණ දීමට සිසුන් ලක්ෂ තුන හමාරක් පමණද, උසස් පෙළ සඳහා මුහුණ දීමට සිසුන් ලක්ෂ තුනක් පමණද සිටින අතර පවතින වෛරස තත්ත්වය සමඟ නිශ්චිතවම විභාගය පවතීද නැද්ද යන්න ගැටලුවට ඔව්න් මුහුණ දී තිබෙනවා.

මාර්තු 11 වනදා පාසල් වසා දැමීමත් සමඟ නියමිත විෂය නිර්දේශය අවසන් කිරීමට නොහැකි වීම, පවත්වාගෙන ගිය පෞද්ගලික උපකාරක පන්තිද ඇනහිටීම, බස්නාහිර පළාතේ සිටි සිසුන් තම පොත් පත්ද නොමැතිව ගම්බිම්වලට යාම ආදී ගැටලු රැසක් මේ අවස්තාවේදී පැන නැගී ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම මෙම උසස් පෙළ දරුවන්ට, පසුගිය පාස්කු ප්‍රහාරය හමුවේ ඇති වූ තත්ත්වය මතද විෂය නිර්දේෂය මග හැරී තිබෙනවා.

මේ ගැටලු සියල්ලක්ම හමුවේ දරුවන්ගේ මානසිකත්වය සළකා බලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට විද්වත් කමිටුවක් පත් කරන ලෙසත්, ලොව අනෙක් රටවල් මෙවැනි ගැටලුවලට මුහුණ දී ඇත්තේ කෙසේද යන්න සොයා බලා කටයුතු කරන ලෙසත් ඒ මහතා රජයට පවසා සිටිනවා.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ද දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසනවා .

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles