විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවට…

විදේශ විනිමය උපයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශගත ශ්‍රී ලාංකිකයින් පිලිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නොමැති බව ‘ එතෙර අපි’ සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා .

රටට විදේශ විනිමය ගෙන එන රටේ කොඳු නාරටිය බඳු විදේශගත ලාංකිකයන් පිළිබඳව අවධානය හරි හැටි යොමු වී නැති අතර ,ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන්නේ පාසල් විවෘත කර, අධිවේගය තැබෑරුම් ආදිය විවෘත කර, ඇඳිරි නීතිය ඉවත් කරන ආකාරය ප්‍රකාශයට පත් කර, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බව තහවුරු කිරීමට බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

තවද මෙම විදෙස්ගත පිරිස සම්බන්ධයෙන් නිතරම අවධානය යොමු කර කටයුතු කළ එතෙර අපි සංවිධානය මගින් ; විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන, නිරෝධායනය සඳහා යොමු කර නිවෙස් වෙත යවන ප්‍රමාණයට සාපේක්ෂව තවත් පිරිස් ලංකාවට ගෙන්වා ගත යුතු බවට විදේශ කටයුතු අමාත්‍යවරයාට ලිඛිතව දන්වා සිටියද තවමත් ඒ පිළිබඳ අවධානයක් යොමු වී නැති වීම කණගාටුදාක බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කලේ අද පැවති ‘එතෙර අපි’ සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනුයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles