“යෝජිත ආකාරයට මිල වැඩි කළ හොත් එය ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම වෙනවා” – උදය ගම්මන්පිල

යෝජිත ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම වනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ ආකාරයේ ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලා ඇතැයි පවසන අමාත්‍යවරයා සංස්ථාව පැත්තෙන් එය සාධාරණ ඉල්ලීමක් බව කියනවා.

ලෝක වෙළෙඳ පොළේ ද මේ වන විට ඉතිහාසගත ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා කර ඇතත් තවමත් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී නැති බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ දිගින් දිගටම අලාභ ලබන සංස්ථාව ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි . ඒ නිසා අනිවාර්යෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමිය යුතු බව සංස්ථා පාරශාවය කියා සිටිනවා.

සංස්ථාව යෝජනා කර ඇත්තේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 169ක් දක්වාත් අනිවාර්යෙන්ම ඉහළ නැංවිය යුතු බවයි.
ඒ ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් මගී ප්‍රවාහන සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණය කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව දැනුම් දී තිබෙනවා.

POPULAR

Recent articles