අධි ආරක්ෂාව බලරහිත කෙරේ

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය රහස් පනත උපයෝගි කර ගනිමින් අධි ආරක්ෂක කලාප පිහිටුවා තිබුණා. ඊට නීතිමය බලයක් නොමැති බව හා එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඒ පිළිබඳව කරුණු දැක්වූ බොහෝ දෙනා පවසා තිබුණේ.

පසුගිය අගෝස්තු 23 වැනි සිකුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කළා.

එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර තිබුණා.

දැන් ඊයේ (01) දින නව ගැසට් නිවේදනයකින් හකුලා ගනු ලැබුවේ එම මුල් ගැසට් නිවේදනයයි. මෙම නව නිවේදනය නිකුත් කර තිබෙන්නේත් ජනාධිපති සහ ආරක්ෂක අම්මාත්ය රනිල් වික්‍රමසිංහ විසින්ම යි.

POPULAR

Recent articles