කුවේට් ගිය ලක් වැසියෝ !

කුවේට් ගිය ලක් වැසියෝ !

කොවිඩ් 19 වයිරසයෙන් දරුණු ලෙස බැට කෑ ඇමරිකාව , ඉතාලිය, ස්පාඤ්ඤ , චීනය, එංගලන්තය ඇතුළු රටවල් රැසක් යළි නැගී සිටීමට වෙර දරන මොහොතක වසංගතයේ දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීම් නිකුත් වුණා.

මෙම වයිරසයෙන් හෙට බලපෑම් විය හැක්කේ ලොව කුමන රටවලටද යන්න අද පුරෝකතනය කළ නොහැකි තත්ත්වයට සෞඛ්‍ය අංශද පත් වෙලා.

එවැනි පසුබිමක් තුළ ලොව විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබුණා.

ඒ බොහෝ පිරිසක් විදේශවල ඉගෙනුම සඳහා ගිය ශිෂ්‍යයින් වීම විශේෂත්වයක් .
ඒ අතර දේශපාලඥයින්ගේ දරුවන් ද සිටි බවට අදහස් පැතිර ගියා.

එය එසේනම් ඔවුන්ගේ දරුවන් සියළුම දෙනා මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඉතිරි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වගකීම ගන්නේ කවුද ?
ඔවුන් මේ රටේ පුරවැසියන් නොවේද?

ඒ අතරින් කුවේට රාජ්‍ය තුළ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මසකට ආසන්න කාලයක් කිසිවක් කරකියාගත නොහැකිව සිරවී සිටිනවා.
ඔවුන් බලා සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා තුරුයි.
ගැබිනි කාන්තාවන් හා කුඩා දරුවන්ද මෙම පිරිස අතර සිටිනවා. මේ වන විට දිනකට එක්දහස් පන්සියයක් කොරෝනා රෝගීන් හමුවන රටක් බවට කුවේටය පත් වී හමාරයි. එරට ඇඳිරි නිතිය පනවන තත්ත්වය නිර්මාණය වී හමාරයි.

යම් හෙයකින් වයිරසයේ දෙවැනි රැල්ලක් එවැනි රටකින් මතු වුවහොත් එම ජීවිත පිලිබඳ කණගාටු වුවා හැරඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් කුසීත පාලකයින් පිරිසක් ලෙස ඉතිහාසය විනිශ්චයේදී මෙරට පාලකයින් වැරදිකරුවන් බවට පත් වීම නොඅනුමානයි .

එක පොදියට ජීවත් වන මෙම මිනිසුන් හඬා වැළපෙන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක මොහොතකයි. තමන් උපන් භූමියට දශක කිහිපයක් පුරා වැඩිම ආර්ථික ප්‍රාග්ධනයක් සැපයු මේ මිනිසුන් සියක් දහසක් ලාංකිකයින්ගේ ජිවිත වල ප්‍රාණ නාලිකාව වූ බව මැතිවරණ සමයන් හී ජාතිය අමතා ප්‍රකාශ කරන්නෝ ද පාලකයෝමය.

තම දෑත් එකතු කරමින් මෙම අසරණයින් ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික පන්තියේ සැප ගුවන් යානා නොවෙයි. කුමන අපහසුතා මධ්‍යයේ වුව ද තම මව් රටට පැමිණීම ඔවුන්ගේ එකම සිහිනයයි. ඒ වෙනුවෙන් කෙතරම් කාලයක් වුවත් නිරෝධායනය වීමට හෝ ඔවුන් සූදානම්.

මේ පිලිබඳව ඔවුන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය දැනුවත් කළද හඬ ගා කීවද ඒ කිසිවෙක් මේ වන තුරුත් නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.කුවේට් රජය විසින් ගුවන් ටිකට්පත් ද සැපයීමට එකඟ වූ තත්වයක් තුළ පසුදා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා සිටියේ මේ තත්වය එන්ජෝයි කරන ලෙසයි.

ඉතින්, කොරෝනා පරාජය කර ඒ සඳහා වීරයින්ද නම් කර උදම් ඇනූ ආණ්ඩුව මේ රට විරුවන් ද බේරාගෙන සැබෑ වීරයින් බවට පත්වන තුරු අපිදු බලා සිටිමු.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles