“ගෝඨාභය රාජපක්ෂ සරණාගතභාවය ඉල්ලා නැති අතර ඔහුට සරණාගතභාවය ලබා දී නැත” – සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය

මහජන විරෝධය නිසා රට අතහැර තැනින් තැනට පැන යමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිංගප්පූරුවට ඇතුළුවීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය (MFA) ප්‍රකාශකයෙකු ඉතා කෙටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව මාධ්‍ය කළ විමසීම්වලට පිළිතුරු වශයෙන් තහවුරු කෙරෙනවා. ඔහු සරණාගතභාවය ඉල්ලා නැති අතර ඔහුට සරණාගතභාවය ලබා දී නැත. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා නොදේ.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය,
සිංගප්පූරුව
2022 ජූලි 14”

POPULAR

Recent articles