CEYPETCO වර්ජනයකට සැරසෙයි

අළෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගත හොත් ඉන්ධන ඇනවුම කිරීම නතර කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම මුදලින් 45% ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට බෙදුම්කරුවන් විරෝධය පළකරන බවත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට 0.25% ක මාසික ගාස්තුවක් ද මේ වන විටත් ගෙවන බවත් ඔහු කියා සිටිනවා.

සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම මුදල සීමා කිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති බව කී ඔහු එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම මුදලින් අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බව දැනුම්දී ඇති බව ද පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝගයට පටහැනි බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ නැවත නඩුවක් පවරණ බව ද කපිල නාඔටුන්න වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles