“මේ වෛරය මෙතනින් අවසන් කරන්න” – නිමල් ලන්සා

ලංකාව පුරා හැම වෙලාවෙම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු කෙනෙක් හැටියට, ජනතාව එක්ක හිටපු කෙනෙක් විදියට සිදුව ඇති විනාශය දැක්කම හිතට විශාල දුකක් ඇති වූ බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා. නමුත් ඒ දුක වේදනාව අවම කරගන්න ඕනේ බවයි ඔහු කියන්නේ. ඉපදෙනකොට මුකුත් අරන් එන්නෙත් නැති, මැරෙනකොට මුකුත් අරන් යන්නෙත් නැති සත්‍ය තමන් දන්නා බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


“යම් කිසි පිරිසක් සංවිධානාත්මකව තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා සිද්ධ වුන දෙයක්. මෙවැනි විනාශයක් වෙන්න නම් පෙට්‍රල් බෝම්බ ගහන්න ඕනේ. පෙට්‍රල් බෝම්බ ගහන්න බැහැ සාමන්‍ය අයට. එවැනි දෙයක් කරන්න කලින් සැලසුම් කරලා තියෙන්න ඕනේ.

නිවසක් ගිනි තියෙනවා කියන්නේ බිත්ති හතරකට ගිනි තියනවා විතරක් නෙමේ. පැල්පතක් වේවා, ඕෑනෑම නිවසක් ඉදිකරන්නේ පවුලේ අය එකතුවෙලා ඉතාමත් ආදරයෙන් හදන කැදැල්ලක්. ඒ නිවස තුළ ආදරය, බැදීම, සිහිවටන, ජීවිත කාලයම උපයපු දේවල් මේ හැම දෙයක්ම එක රැයින් විනාශ කරලා තියෙන්නෙ.

මීගමුව විතරක් නෙමේ ලංකාව පුරා හැම වෙලාවෙම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු කෙනෙක් හැටියට, ජනතාව එක්ක හිටපු කෙනෙක් විදියට මේ විනාශය දැක්කම හිතට විශාල දුකක් ඇතිවුනා. නමුත් ඒ දුක වේදනාව අවම කරගන්න ඕනේ. මොකද අපි ඉපදෙනකොට මුකුත් අරන් එන්නෙත් නැහැ, මැරෙනකොට මුකුත් අරන් යන්නෙත් නැහැ. ඒ සත්‍ය අපි දන්නවා. සියලුම දේවල් විනාශ වෙලා ඉවරයි. මේ සිද්ධිය වුන දවසේ ඉදන් විශාල පිරිසක් ලංකාවේ වගේම, ලංකාවෙන් බැහැර පිරිස කතා කරලා ශක්තිය, ධෛර්යය ලබාදීම පිළිබඳව ඒ සියලු දෙනාට ස්තූති කරනවා.

කාට හරි වෛරයක් තිබුණ නම් අපේ දේවල් විනාශ කරන්න මේ සිද්ධියෙන් පසු ඒ වෛරය අවසන් කර ගත්තොත් හොදයි. මොකද මේ වෛරය තවත් කෙනෙක්ගේ ජීවිත හානි කරන්න, දේපල විනාශ කරන්න, මංකොල්ලකන්න මේක යොදා ගන්න එපා. මේ වෛරය මෙතනින් අවසන් කරන්න. වෛරයෙන් සිදුවන්නේ රටක් විනාශ වෙන එක. ජනතාවගේ ජීවිත, දේපල විනාශ වෙන එක”යි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles